විදුලි පාරිභෝගිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

By Sewvandhi Dec 07, 2021 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිසි කළමනාකරණයකින් යුතුව විදුලිය භාවිත කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.රූපවාහිනි මාධ්‍යයක වැඩසටහනක් සමග එක් වෙමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ, ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතුව ඇති බවය‍.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"මං හිතන්නේ පසුගිය දින කිහිපය තුළ ඇති වුණ තත්ත්වය පිළිබඳ අපි කනගාටුවෙනවා විදුලි පාරිභෝගිකයින්ට. අපේ රාජකාරියේ වගකීම වන්නේ, අඛණ්ඩව විදුලි සම්පාදනය ක්‍රියාත්මක කිරීම. කෙසේනමුත් අපි හැමවෙලේම උත්සහ කරන්නේ අඛණ්ඩ විදුලි සම්පාදනය තහවුරු කරන්න. ඇති වෙලා තියෙන අභියෝගයත් එක්ක විදුලි පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් අපිට යම් ප්‍රමාණයක, මොකද දින දෙකකින් වගේ කාලයක් තුළ මේ තත්ත්වය නවත්වා ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට කටයුතු කරමින් පවතිනවා.

නමුත් ඒ කාලසීමාව තුළ වුණත් විදුලි පාරිභෝගිකයින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරනවා නම්, නිසි කළමනාකරණයකින් විදුලිය භාවිත කරනවා නම් මේ තත්ත්වයට එක නිවසක එක විදුලි බල්බයක් නිවන්න පුළුවන් නම් අපිට පුළුවන් මිලියන 7ක විතර විදුලි බල්බ නිවාදමන්න. ඒ කියන්නේ අත්‍යාවශ්‍යම නොවන තැනක විදුලි බල්බයක් අනවශ්‍ය ලෙස දැල්වෙනවා නම් කියන කාරණය මං මතුකළේ. විදුලි සංරක්ෂණය කියන කාරණය මේ කෙටි කාලය තුළ කළ යුතු දෙයක් නෙමෙයි. ඒක අපේ ජීවිතයේ පුරුද්දක් විදියට, ජීවිතයේ කොටසක් ලෙස කළ යුතු දෙයක්. මින් එහාට ගිහින් විදුලි උපකරණයේ ජීවිත කාලය වැඩි පිරිවැයක් දැරීමට සිදුවන විදුලි උපකරණ තෝරා ගන්න එපා කියලත් මතක් කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW