අවදානම් කලාපවල පදිංචි පවුල් 15000ක් වෙනත් තැන්වලට
නාය යෑම් සිදු වෙන බවට කළින් හඳුනාගෙන ඇති අධි අවදානම් කලාපයන්හි පදිංචි වී සිටින පවුල් 15,000ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීමට රජය තීරණය කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ආපදාව ඇතිවීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) විසින් සිදුකළ විද්‍යාත්මක තක්සේරු පරීක්ෂාවකදී අධි අවදානම් යැයි හඳුනාගත් ප්‍රදේශයන්හි මෙම පවුල් ජීවත්ව සිටි බවයි .
මේ අනුව දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හමුවේ අවදානම් කලාප තුළ පදිංචි වී සිටි පවුල් 5000ක් වෙනත් ස්ථානවල යළි පදිංචි කරවීම සදහා කටයුතු කර ඇත. මේ වනවිට ඉතිරිව ඇති පවුල් 10,000 නැවත පදිංචි කිරීම සඳහා රජයේ ඉඩම් හඳුනාගනිමින් සිටින බවත් සදහන් වේ.
ඒ වගේම මේ ක්‍රියාවලිය සදහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ වරයා ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අධි අවධානම් කලාපවලින් ඉවත් කෙරෙන එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා සුදුසු ඉඩම් සොයා ගැනීම මේ වනවිට ගැටලුවක් ව පවතින බව වාර්තා වේ තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දෙන විද්‍යාත්මක තක්සේරු පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරියේදී නැවත පදිංචි කිරීම් සිදු කරනු කරනු ලබයි.
තවද නාය යෑමේ තර්ජනයට ලක් වූ පදිංචිකරුවන් එම ස්ථානවල නැවත පදිංචි කිරීම් සිදු නොකරයි. ඒ වගේම එම පදිංචිකරුවන් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම් සිදු කිරීමට රජය සූදානම් වන බව බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සදහන් කර ඇත.
මේ දිනවල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු හරහා අවතැන්ව හා සුරක්ෂිත කඳවුරුවල සිටින පිරිස් ගණනය කිරීම් සිදු කෙරෙමින් තිබේ. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළේ ඉදිරි කාලය තුළදී ඔවුන්ව ද වෙනත් ස්ථානවල පදිංචි කිරීමට සූදානම් වන බවයි.
තවද මින් පෙරදී හඳුනාගත් අධි අවධානම් කලාප තුළ පදිංචි වී සිටින පවුල් ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානම් වුවත් එම පදිංචිකරුවන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.
මූලික විමර්ශනවලදී අනාවරනය වූයේ අවිධිමත් ලෙස පදිංචි වී ඇති ස්ථාන අතර අනවසර ඉදිකිරීම් මෙන්ම අනවසර පදිංචි වීම් ද සිදුවන බවයි .
මින් පෙර පෙර දී එම පිරිස් නැවත පදිංචි කිරීම සඳහා සූදානම් වුවත් ඔවුන්ට ජීවත් වීමට තරම් සුදුසු ඉඩම් හා ආර්ථික වශයෙන් බැඳුණු පරිසරයක් එම ප්‍රදේශවල නොතිබීම ප්‍රධාන ගැටළුවක් වී තිබුණි.
රජය සැලසුම් කර තිබෙනුයේ මේ නිසා මහල් නිවාස යෝජනා ක්‍රමයක් කලින් හඳුන්වාදීමටයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ එයද අවදානම් කලාපවල පදිංචිකරුවන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.