මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට - අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි නිවේදනයක්
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට ළඟා වීමත් සමඟ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව ජලාශ කළමනාකරණ බලධාරීන් නිවේදනය කර ඇත.
දෙසැම්බර් 18 වැනිදා පස්වරු 2.00ට පමණ ජල මට්ටම මීටර් 184.80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 98.92%ක් පිරී තිබේ.
ඉදිරි දිනවල කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලට බලපාන වැසි තත්ත්වයේ වැඩිවීම සහ බෝවතැන්න ජලාශයෙන් මුදාහරින ජලයද මොරගහකන්දට එකතු වීම නිසා ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් වාන් දොරටු විවෘත කිරීම අනිවාර්ය වනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජලාශ) සහ කාර්‍යභාර ඉංජිනේරු (මොරගහකන්ද සහ කළු ගඟ) පී. එස්. බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
වාන් දොරටු විවෘත වීමෙන් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි ගංවතුර ආපදා අවම කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් සහ ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසද ඉංජිනේරු බණ්ඩාර මහතා අනතුරු අඟවා ඇත.
මොරගහකන්ද ජලාශයේ ජලය මුදාහැරීමෙන් පහළ අමුණු ඇළ ප්‍රදේශවලට සහ කළු ගඟ ආශ්‍රිත ගම්මානවලට බලපෑම් එල්ල විය හැකි බැවින් ආපදා කළමනාකරණ බලධාරීන් සහ ප්‍රාදේශීය ජනතාවට කලින් දැනුම්දීමක් ලබාදීම මෙම නිවේදනයේ අරමුණයි.