මහනුවර පවුල් 30,000කට රු.25,000 සහනාධාරය තවමත් නොලැබේ - චමින්ද්‍රානි
පසුගිය කාලගුණ ආපදාවෙන් පීඩාවට පත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51,596කට රජය විසින් ප්‍රකාශිත රුපියල් 25,000ක සහනාධාර මුදල ලැබී ඇත්තේ පවුල් 21,431කට පමණක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය අද (18) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.
මේ අනුව දිස්ත්‍රික්කයේ පවුල් 30,000කට ආසන්න ප්‍රමාණයකට මෙම සහන මුදල තවමත් ලැබී නැති බවත්, එය සම්බන්ධයෙන් තමා කණගාටුව ප්‍රකාශ කරන බවත් කිරිඇල්ල මහත්මිය සඳහන් කළාය.
ආපදාවෙන් විපතට පත් පවුල්වලට කඩිනමින් සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බව අවධාරණය කළ ඇය, රජයෙන් එම පවුල්වලට මුදල් ඉක්මනින් බෙදාහැරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියාය.
ගංවතුර සහ නායයෑම් ආපදාවලින් මහනුවර දිස්ත්‍රික්කය දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, සහනාධාර බෙදාහැරීමේදී ඇතිවී ඇති ප්‍රමාදයන් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිතර විවේචනය කරමින් සිටිති. මෙම චෝදනාවට රජයේ ප්‍රතිචාරය තවමත් ලැබී නොමැත.