ඉදිරි පැය 36 තීරණාත්මකයි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකිය පවසන පරිදි ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.

ඒ අනුව ඇතැම් ස්ථානවල වැසි ප්‍රමාණය මි.මි. 75 ට වැඩි තරමක් විය හැකි බවද සඳහන් වේ. මේ අනුව උතුරු සහ වයඹ පළාත්වල, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට - අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි නිවේදනයක්

මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට - අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි නිවේදනයක්

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු–මැද සහ වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පැ.කි.මී. 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද මෙම නිවේදනයේ සඳහන් වේ.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවති හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි, තාවකාලික තද සුළං සහ අකුණු මඟින් ඇතිවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙසයි.

මහනුවර පවුල් 30,000කට රු.25,000 සහනාධාරය තවමත් නොලැබේ - චමින්ද්‍රානි

මහනුවර පවුල් 30,000කට රු.25,000 සහනාධාරය තවමත් නොලැබේ - චමින්ද්‍රානි