ලාංකික ධීවර යාත්‍රා දෙකක් මාලදිවයින මුහුදේදී අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා දෙකක් මාලදිවයින් ආශ්‍රිත හා-අලිෆු දිවයිනේ කේලා ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට වාර්තා අනුව, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය (MNDF) විදේශීය බුද්ධි තොරතුරු මත පදනම්ව සිදු කළ මෙහෙයුමක් මඟින් මෙම යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත.

මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට - අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි නිවේදනයක්

මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට - අවට ජනතාවට අවදානයෙන් පසුවන්නැයි නිවේදනයක්

යාත්‍රා දෙකම මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් වෙරළ ආරක්ෂක අංශය විසින් මෙලෙස රඳවා ගෙන තිබුණි.

ඊයේ උදෑසන කේලා සිට ආසන්නව නාවික සැතපුම් 51 දුරින් මෙම යාත්‍රා අත්අඩංගුවට ගැනීමට සිදුවිය. මෙය වෙරළ ආරක්ෂක බලකාය සහ ගුවන් බලකාය (Air Corps) එක්ව සිදුකළ ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුමක් අතරතුර සිදු වූ බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් යාත්‍රා සම්බන්ධයෙන් මාලදිවයින් පොලිස් සේවය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පසුව ඒවා පොලිසියට භාර දී තිබේ.

වනඅලියා පිලිස්සූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

වනඅලියා පිලිස්සූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි