බොරුවට 119 ගැහුවොත් වැඩ වරදී - පොලීසියෙන් සිහි කැඳවීමක්
ශ්‍රී ලංකා පොලිසිය විසින් 119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වැළැක්වීම සහ මහජනතාවට අවශ්‍ය වෙනත් කෙටි දුරකථන අංකයන් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
119 ක්ෂණික දුරකථන සේවාවට වාර්තා වන ඇමතුම් අතරින් සැබෑ හදිසි පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි, ව්‍යාජ තොරතුරු සහ වෙනත් ආයතනවලට යොමු කළ යුතු පැමිණිලිද ලැබෙමින් ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙය නිසා සැබෑ හදිසි අවස්ථාවලදී පොලිස් සහාය ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව අඩුවී යාමේ අවදානමක් ඇති බවද අවධාරණය කෙරේ.
ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, රජයේ සේවකයෙකුට දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිසිය අනතුරු අඟවා ඇත.
පොලිස් සහය සෘජුවම අවශ්‍ය නොවන අවස්ථාවලදී මහජනතාවට භාවිතා කළ හැකි වෙනත් හදිසි කෙටි අංක පහත පරිදි වේ. පොලිසිය ඉල්ලා සිටින්නේ මෙම අංක භාවිතා කරමින් 119 අංකය අනවශ්‍ය ලෙස බර නොකරන ලෙසයි:
01. Police Emergency Service - 119
02. Ministry Of Child Development and Women's Affairs (Women Help Line) - 1938
03. Ministry Of Child Development and Women's Affairs (Child Help Line) - 1929
04. Fire and Rescue Service - 110
05. National Transport Commission - 1955
06. Drug Organized Crime Issues Emergency Notification unit - 1997
07. The Bureau for the Prevention and Investigation of Abuse of Children and women - 109
08. Emergency Call Center (Tamil Medium) - 107
09. Commission to Investigate Allegations of Bribery or Corruption - 1954
10. Expressway Emergency - 1969
11. Department of Immigration and Emigration - 1962
12. National Dangerous Drug Control Board - 1984
13. Sri Lanka Bureau Of foreign Employment - 1989
14. National Help Desk (Ministry of Defance) - 118
15. Disaster Management Call Center - 117
16. Sri Lanka Tourism - 1912
17. Government Information Center - 1919