හෙට සිට සතොසින් සහන රැසක් - සහන මල්ලක් යළිත්
Corona virus
Covid 19
Reliepe bag
By Sithumi
රුපියල් 1,998ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට සිට සතොස හරහා සති දෙකක කාලයක් ජනතාව වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි.
සාමාන්‍යයෙන් වෙළඳපොලෙහි රුපියල් 2600කට වඩා වැඩි මිලකට අලෙවි වන භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල දිවයින පුරා සතොස ශාඛා මගින් හෙට සිට ලබාගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |