ගිවිසුම හරහා චීනය විසින් මෙරට වෙළදපොළ පාලනය අතට අරන් ද? - චීන අයෝජන සුදු අලි නොවේ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර එළඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දෙරටටම යහපත් ප්‍රතිලාභ හිමිවනු ඇති බව මෙරට චීන තානාපති චී සෙන්හොංග් ප්‍රකාශ කළා.
ඒ, අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම සැලකිල්ලට ගනිමින් චීනය ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදු කළේ ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ ශ්‍රි ලාංකිකයින්ට ලබාදීමේ අපේක්ෂාවෙන් බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට විද්‍යූත් සහ මුද්‍රිත ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග ඊයේ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
තීරණාත්මක මැතිවරණ දෙකකට පසු දෙරට අතර බැදීම ශක්තිමත් කිරීමටත්, සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමටත් චීනයේ සහය අඛණ්ඩව ලබා දීමට බලාපොරොත්තු වන බවයි චීන තානාපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ.
එමෙන්ම මෙම ගිවිසුම හරහා චීනය විසින් මෙරට වෙළදපොළ පාලනය කිරීමක් සිදු කරනු ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත්, මෙමගින් අනියම් වාසියක් තම රටට හිමි නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, නෙලුම් කුලුණ වැනි ව්‍යාපෘතිය සුදු අලියෙකු බවට චීන රජයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපතිවරයා පැවසුවේ චීන රජය ලබා දුන් ණය ආධාර නිසි පරිදි යොදා නොගැනීම හමුවේ එම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ යාත්‍රාවක් ඇතුළුවීම සඳහා කළ ඉල්ලීම පසුගිය රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙරට අතර සබඳතා පළුදු වූ බව සදහන් කළ මෙරට චීන තානාපතිවරයා, සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද නිදහස් වෙළඳ ගිවිසුමට එළඹීම තවමත් ඇණහිට ඇති බව ප්‍රකාශ කරනවා.
චීනය විසින් ලබාදුන් ණය ආධාර නිසි පරිදි යොදා නොගෙන, පසුව ප්‍රශ්න උද්ගතවීමේදී චීනය වෙත චෝදනා කිරිම වැරදි සහගත බවද චීන තානාපතිවරයා පවසා තිබෙනවා.
මේ අතර හම්බන්තොට වරාය ද ණය උගුලක් ලෙස කවුරුන්හෝ නම් කරන්නේ නම් එයද අසාධාරණ ප්‍රකාශයක් බවත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ද ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැය නොකළ බවත්, ශ්‍රී ලංකා රජයෙන් ඒ සඳහා ලබාදුන්නේ මුහුදු තීරය, භූමිය සහ යම් නීති කාර්යයක් පමණක් බවත් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් ඒ සඳහා වියදම් නොකළේ නම් එය ණය උගුලක් ලෙස හඳුන්වනු ලබන්නේ කෙසේදැයි චීන තානාපතිවරයා ප්‍රශ්න කරනවා.
ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)
You may like this video