ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)
Anura Kumara Dissanayaka
AKD
By Wayomi
මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් වැඩ භාරගනු ලැබුවා.
සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කළ බවයි වාර්තා වන්නේ.
ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇති අතර මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව තිබුනා.