නෝර්වුඩ් පාලමට පහළින් හදුනානොගත් මළ සිරුරක්

Report

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් අද (08) සොයාගත් බව නෝර්වුඩ් පොලීසිය පවසයි.

නෝර්වුඩ් - බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පාලමට පහළින් මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත පොලීසිය මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රසිද්ධ බැංකුවකින් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - බැංකුවේ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට

ප්‍රසිද්ධ බැංකුවකින් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - බැංකුවේ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට

මියගිය තැනැත්තියගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ඇය කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

හැටන් පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

ගොවි ජනතාවට සුභ ආරංචියක් - ගොවිජන සේවා කොමසාරිස් ජනරාගෙන් නිවේදනයක්

ගොවි ජනතාවට සුභ ආරංචියක් - ගොවිජන සේවා කොමසාරිස් ජනරාගෙන් නිවේදනයක්