පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත කරමින් පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ නිරත වන වංචනික කණ්ඩායමක් පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව 0115 226 126 යන දුරකථන අංකය මගින් කිසියම් පාර්ශවයක් ඇමතුම් ලබා දුනහොත් ඊට තම පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත .