පළාත් පාලන ආයතන වල අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කරයි

daily registration employee contract temporary
By Sewvandhi Jul 06, 2021 12:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් පාලන ආයතනයන් හි සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථීර කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

දැනට පළාත් පාලන ආයතනවල එවැනි සේවකයින් 8000ක් පමණ සේවය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ

. ස්ථීර කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊයේ ගාල්ල මහ නගර සභාවේ සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් පිරිසක් විරෝධතාවක නිරත වුණේ තමන්ව කඩිනමින් සේවයේ ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha