ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් විශාල ජයග්‍රහණයක්...මැසිවිලි කෙදිරිලි වලට නිසි පිළිතුරක්..

By Piyumika Feb 02, 2025 02:36 AM GMT
Report

ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

අද පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

වැඩිමහල් සහෝදරයා සමග එක ඇදේ නිදා සිටි මාස හයේ බිළිඳියට සිදු වූ විපත..

වැඩිමහල් සහෝදරයා සමග එක ඇදේ නිදා සිටි මාස හයේ බිළිඳියට සිදු වූ විපත..

එමෙන්ම ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකරමින් ආරම්භකළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය.

ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා. ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා.

තවත් පලස්තීන සිරකරුවන් 183කට නිදහස් හිරු දැකීමට වරම්...

තවත් පලස්තීන සිරකරුවන් 183කට නිදහස් හිරු දැකීමට වරම්...

අපි උපදෙස් දුන්නා ගොවියට දුන්න පොහොර සහනාධාරය ඉවත්කරන්න. නිෂ්පාදන වියදම ගණන් හැදීම සඳහා. ඔබ තනිකරම ඕබේ සල්ලිවලින් පොහොර ගත්තා සේ සලකලා තමයි නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙන්නේ.

අන්න ඒ නිෂ්පාදන වියදමට 30%ක් අපි එකතු කරනවා. එකතුකරලා ගොවියාගේ වී කිලෝ එකේ අවම මිල තව දවස් කිහිපයකින් අපි ප්‍රකාශයට පත්කරනවා විතරක් නෙමයි රජයේ ගබඩා විවෘත කරනවා."


You may like this video