ඕස්ට්‍රේලියාවේ සිටි 41ක් ලංකාවට පිටුවහල් කරයි..නාවික හමුදාවෙන් දැනුම්දීමක්..
ඕස්ට්‍රේලියානු දේශසීමා හමුදාව විසින් රඳවාගෙන සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් හතළිස් එක් (41) නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ පවසනවා.
ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් 2023 මැයි 02 වන දින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරමින් සිටියදී රඳවා තබා ගන්නා ලදී.
ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානයක් 2023 මැයි 09 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ළඟා විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය සාගර කලාපය භාවිත කරන අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ හවුල් වී මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටවලට මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරයි.
2023 අප්‍රේල් 10 වැනි දින බහුදින ධීවර යාත්‍රාවකින් මඩකලපුව වාලච්චේන සිට මුහුදු ගමන ආරම්භ කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිස මැයි 02 වැනි දින ඔස්ට්‍රේලියානු දේශසීමා හමුදාව විසින් රඳවාගෙන සිටි බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කොළඹ, වාලච්චේන, මඩකලපුව, ඔට්ටමාවඩි සහ කලවංචිකුඩි ප්‍රදේශවල පදිංචිකරුවන්.
පිටුවහල් කළ පිරිසට පිරිමි පුද්ගලයින් 34 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු මෙන්ම වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් 04 දෙනෙකු ද ඇතුළත්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිතයි.
මැයි 09 වැනි දින නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද මෙම පිරිස ද ඇතුළුව, 2023 දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 43 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු 2022 දක්වා පිටුවහල් කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය සමඟ සමීප සම්බන්ධීකරණයක් ඇතිව බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීමට අභීත ප්රයත්නයක් ගන්නා බැවින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණවලට ඉඩක් නොමැත.
එබැවින් මෙවැනි මුහුදු ගමන්වලට සම්බන්ධ නොවන ලෙසත්, ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන ලෙසත් නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
