විෂ විදින රතු නයෙක් දෙහිවලට එයි..අඩි 10ක් දුර සතුරාගේ ඇස්වලටම විදියි. (PHOTOS)

Sri Lanka Gossips Dehiwala zoo Red snake
By Aruna Dec 05, 2021 05:23 AM GMT
Report
101 Shares

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත.

මේ අනුව මාරාන්තික විෂ සහිත " රතු දුඹුරු විෂ නාගයා " විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.

මෙම සත්ව විශේෂය නැගෙන හිර අප්‍රිකානු ඝණ වනාන්තර නිජබිම කරගත් අධික විෂ විදින නාගයෙක්ද වේ .

ආයූ කාලය වසර 15 සිට 20 දක්වා කාලයක්ද වන අතර, හොදින් වැඩුන නයෙක් අඩි 5 ක් පමණ දිග වන අතර, වර්ගයා බෝ කිරීම බිත්තර මගින් සිදු කරනුද ලබයි.

ඒ මෙන් තමාට අනතුරක් සිදුවීමට යන බව හැගුන විට පෙණය පුප්පා ඉහලට එසවී අඩි 8 ක් 10 ක් දුර සිටින සතුරාගේ දෙඇස් වලටම විෂ විදීමේ ස්වභාවික ශක්තියක්ද ඇති උරග වර්ගයක්ද වේ.‍

දෙහිවල එච් එම් ධර්මපාල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery