හිෂාලිනී කුමක් හෙළි කරයිද..?

hatton dayagama hishalini recovering body nuwara eliya court
By Sewvandhi Jul 30, 2021 02:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ඇති වූ ගින්නකින් අභිරහස් ලෙස මියගිය ජුට්කුමාර් හිශාලිනීගේ දේහය අද(30) ගොඩ ගැනේ. හිෂාලිනීගේ මරණය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත් රාත් අධිකරණය 26 දා නියෝග කළේය.

ඉෂාලිනි දැරියගේ මෘත දේහය නිරෝධායන උපදෙස්වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනයන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

එම දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගියදා මිය ගොස් තිබුණි. නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය ඊයේ (29) දින පොලිසියට නියෝග කළේ  එම සිරුර ගොඩගෙන අධිකරණය දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් "බී" වාර්තාවක් මගින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29) දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑළිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ මිහිදන් කර ඇති නිසා සිරුර ගොඩගැනිමට නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදුකළ යුතු බවය.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව උදෑසන 8.30 ට පමණ ඒ සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ සහ නුවරඑලිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ දේහය ගොඩගැනීමට නියමිත අතර, පසුව එය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now