ඉන්දීය ගුවන් යානා 23ක් හදිසියේ ලංකාවට පැමිණීමට හේතුව මෙන්න.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 23 ක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට සහභාගිවීම සඳහා ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් මෙම යානා කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුශාන් විජේසිංහ මහතා සඳහන් කළේ ය. එම යානා අතර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන සූර්ය කිරන් කණ්ඩායමේ යානා 09 ක් ද වේ.
මීට අමතරව ඉන්දීය සරාන්ග් හෙලිකොප්ටර් සංදර්ශන කණ්ඩායමට අයත් යාන 04 ක් , ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය සැපයුම් භාණ්ඩ රැගත් යනා 09 ක්ද කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ. ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව මේ මස 03 වැනිදා සිට 05 වැනිදා දක්වා පස්වරු 5.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ, ගාලුමුවදොර ඉහළ අහසේ ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.