‘කජ්ජා’ යැයි හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව එළියට

Namal Rajapaksa Sri Lanka Gun Shooting
By Gagana News Feb 25, 2025 04:32 AM GMT
Gagana News

Gagana News

Report

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පසුගියදා (18) වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අරුන විදානගමගේ නම් අය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සිටි අවස්ථාවක ලෙස දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, අදාළ ඡායාරූපයේ සිටින්නේ ‘අරුන විදානගමගේ’ යන අය නොවන බවත් එම ඡායාරූපයේ සිටින්නේ නුවන් ලසන්ත විජේනායක නමැති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණේ, නුවන් ලසන්ත නම් ඔහුගේ මෙම ඡායාරූපය 2022 වසරේ සිට පළව තිබූ ඡායාරූපයක් වන බවයි.

‘කජ්ජා’ යැයි හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව එළියට | Real Story Of The Photo Being Shared As Kajja

මේ අතර නුවන් ලසන්ත විජේනායක නමැති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින පුද්ගලයා තමන්ගේ ඡායාරූප අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමුකර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර තිබුණේ, අදාළ ඡායාරූපයේ සිටින්නේ මේ වන විටත් තමන්ගේ රියැදුරු ලෙස කටයුතු කරන නුවන් ලසන්ත විජේනායක නම් අය වන බවත් මෙවන් අසත්‍ය තොරතුරු මඟින් විමර්ශනයන් වෙනත් දිශාවන්ට යොමු කරවීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවයි.

සංජීවගේ ඝාතනයට පොලිස්පතිගේ නමත් ගෑවෙයි - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සංජීවගේ ඝාතනයට පොලිස්පතිගේ නමත් ගෑවෙයි - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

ReeCha