රවි සෙනෙවිරත්නගේ නඩුව - වෙනත් විනිසුරුවරයෙකු ඉල්ලයි

Report

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න 2023දී වැල්ලවත්තේදී සිදුකළ රිය අනතුරකට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් විනිසුරුවරයෙකු ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරු ඉල්ලන හැම ඖෂධයක්ම දෙන්න රජයට බෑ කියන නලින්ද

වෛද්‍යවරු ඉල්ලන හැම ඖෂධයක්ම දෙන්න රජයට බෑ කියන නලින්ද

පසුගියදා මෙම නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රවි සෙනෙවිරත්නගේ නීතිඥවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම ඉල්ලීමට හේතුව වී ඇත්තේ, පොලිසිය විසින් සංශෝධිත චෝදනාපත්‍රයක් ඉදිරිපත් කරමින්, අපරීක්ෂාකාරී රිය ධාවනය සහ බීමත්ව රිය පැදවීම යන දෙවන හා තෙවන චෝදනා ඉවත් කර, රිය අනතුරක් වළක්වා නොගැනීම යන පළමු චෝදනාව මත පමණක් නඩුව පවත්වාගෙන යාමට යෝජනා කළ නමුත්, අතිරේක මහේස්ත්‍රාත්වරිය චෝදනා තුන යටතේම නඩුව පවත්වාගෙන යෑමට තීරණය කිරීමයි.

වයස 61යි.. තාමත් මංගල දැන්වීම් බලන ඇමති ලාල් කාන්ත

වයස 61යි.. තාමත් මංගල දැන්වීම් බලන ඇමති ලාල් කාන්ත

පොලිසිය විසින් මීට පෙර නඩු වාරයකදී සංශෝධිත චෝදනාපත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර, එය නීතිපතිවරයාගේ උපදෙස් මත, නීතිපති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදුන් උපදෙස් අනුව සිදු වූ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර, ඔහුගේ උපදෙස් ලැබීමෙන් පසු නඩුව 2025 සැප්තැම්බර් 10 වැනිදා යළි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

උසස් පෙළට සූදානම් වෙන්න - අයදුම්පත් කැඳවීම අද සිට

උසස් පෙළට සූදානම් වෙන්න - අයදුම්පත් කැඳවීම අද සිට