ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වසා දැමේ..
By Sithumi
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි.
ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා.
