රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

By krishani Jan 25, 2023 04:00 AM GMT
Report

අද (25) දින නියමිත පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව විධායක නොවන සහ විධායක සේවකයන්ගේ වැටුප මෙලෙස අද ලබාදීමට නියමිත යි.

මුදල් අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවන අතර ඇතැම් විට විධායක සේවකයන්ගේ වැටුප ගෙවීමට දිනක් පමණ ප්‍රමාද විය හැකි බව ය.

කෙසේවෙතත් අද දිනයේ මෙලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බව ඊයේ (24) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join