අඩු ආදායම් ලාභි මිලියන ගණනකට ජනපති දෙන්න යන විශේෂ සහනාධාරය

Ranil Wickremesinghe Sri Lanka
By Sithumi Jan 16, 2023 04:22 PM GMT
Sithumi

Sithumi

Report

 සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුලු අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැඟින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.  

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකළ කැබිනට් පත්‍රිකාවකට අදාළව වන අතර ඒ සඳහා සහල්  මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වී මෙට්ට්‍රික් ටොන් 61,000 ක් පමණ මිලදී ගතයුතු බවයි.  

මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතව වන අතර එම වැඩසටහන සඳහා රුපියල් මිලියන 8,040 ක් වැයවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ වෙළඳපොලේ මිල වෙනස්වීම් මත අවශ්‍යතාවක් පැනනැගීම ද සලකා රුපියල් මිලියන 10,000 ක පමණ අයවැය ප්‍රතිපාදන ඒ සඳහා භාවිත කිරීමට නියමිත බවයි.