"මමත් කැමතියි කාන්තා නියෝජනයක් තෝරාගන්න.. මම තාම කොයි පැත්තේ ද ඉන්නේ කියලා දන්නෙවත් නෑ.." - අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු දී කළ විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Report

තමන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කුමන පැත්ත ද යන්න නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(17) ප්‍රකාශ කළේය.

අද සභාව අමතමින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ කියා සිටියේ තමන්ට විපක්ෂයේ රැස්වීම්වලට යාමට නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ කිසිදු රැස්වීමකට සහභාගී වී නොමැති බවත්ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් එම තනතුරට පත් කරනවා නම් තමන් කැමති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join