අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක්..

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 02, 2022 05:33 AM GMT
krishani

krishani

Report

ඉන්ධන සම්බන්ධයෙන් ඇති අර්බුදකාරී තත්වය ගැන ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු බලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (01) දිනයේ කොළඹ දී පැවැත්වුණු අතර එහිදී ඉන්ධන නොලැබීමත් සමග තමන් මුහුණ දෙන අසීරු තත්ත්වය ගැන ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට පියවර ගෙන ඇත.

සිපෙට්කෝ පිරවුම්හල්වලින් සියයට 90ක ප්‍රතිශතයක් වසා දමා ඇති බවත් ඉතිරි 10% ක ප්‍රතිශතය විවෘතව ඇත්තේ දැනට පවතින සීමිත ඉන්ධන සංචිත අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කිරීමට බවත් එවැනි පසුබිමක් තුළ බැංකු ණය පියවීම සහ සේවක වැටුප් ගෙවීම ඇතුලු ගැටලු පිළිබඳව ඊයේ සාකච්ඡාවේදී ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබේ.

එයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා සදහන් කර ඇත්තේ බොහෝ දුරට ලබන 15 හෝ 16 ආදී දිනවල මෙරටට ඉන්ධන නෞකා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.