සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

Ranjith Siyambalapitiya vehicle imports sri lanka
By Wayomi Jun 06, 2024 02:16 PM GMT
Wayomi

Wayomi

Report

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර අත්ග්හි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු කියා සිටියේ, දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ වූ බවයි.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින අතර මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිට ඇත.

එහිදී රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇති බව පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.

ඒ, අනුව අමාත්‍ය සියඹලාපිටිය එහි දී දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි සඳහන් කළේ.