නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය අද සිට යළි ආරම්භ කිරීමට පියවර
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (22) සිට යළි ආරම්භ කිරීමට හැකියාව පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සදහන් කර තිබේ ඒ අනුව, හෙට (22) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බවයි එම සමාගම සඳහන් කර තිබේ.
පසුගිය සෙනසුරාදා ජාතික විදුලි පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමත් සමග දිවයින පුරා විදුලිය විසන්ධි වී තිබේ. එහි බලපෑමෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 187 සිට ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5 දක්වා පහළ ගොස් ඇත
ඒ අනුව, මේ වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය තත්ත්වයේ පවතින බවයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සඳහන් කර තිබේ ඉන් ජනන යන්ත්ර දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් මීට පෙර අක්රිය කර තිබුණා.බලාගාරයේ විදුලි උත්පාදනය අඩාල වීමත් සමඟ ඊයේ සහ පෙරේදා දිනවල දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්රියාත්මක කරන ලදි.
එම විදුලි කප්පාදුව අද දිනයේදීත් ක්රියාත්මක වනවා.කෙසේ වෙතත්, හෙට සිට නොරොච්චෝලේ බලාගාරය යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බවයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් පෙන්වා දී තිබේ