රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)
By Wayomi
ඊයේ (03) රාත්‍රීයේ මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පහරදීමක් සිදුව තිබෙනවා.
මෙම පහරදීමෙන් තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක L.M.K. ලංසකාර මහතා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුලත් කරතිබෙනවා.
ජාවාරම්කරුවන් විසින් කඩු සහ පොලු වලින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර ස්ථානාධිපතිවරයාට එල්ල වූ කඩු සහ පිහි පාරකින් බරපතල තුවාල ලබා ඇති අතර මේ වන විට එම ස්ථානාධිපතිවරයා ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.
පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


