ජනපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්.(LIVE/Update)

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Jul 02, 2024 04:07 AM GMT
Aruna

Aruna

Report

Update

ජනපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්.(LIVE/Update) | Ranil Wickramasinghe Spacial Announcement

මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වුවත් එය තමන් බලයට පත් වන විට ඇ. ඩො. බිලියන 71ක් වූ බව මෙන්ම එය මේ වන විට ඇ. ඩො බිලියන 100ක් දක්වා ඉහළ දමා ඇති බවට ව්‍යාජ සංඛ්‍යා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අනුගාමිකයින් පහත් අපහාස සිදු කරන තත්ත්වයට පත්ව ඇති බව ජනාධිපතියා පෙන්වා දුන්නේය.

ණය හිමියන් සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වීය විදේශ ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විදේශ ණය ආධාර එදිනෙදා ආහාර අවශ්‍යතාව පිණිස මෙන්ම, වැටුප් වැඩි කිරීමට, රජයේ රැකියා ලබා දීමට, ආහාර ද්‍රව්‍ය විදුලි බලය වැනි දේ අඩු මිලට ලබා දීමට සහ රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවීමට යොදා ගැනීම නිදහසින් පසුව ශ්‍රී ලංකාව සිදු කර ගත් ප්‍රධාන වරදක් බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ තමන් බලයට පත් වූ පසු ලබා දෙන සහන පිළිබඳව දහසක් පොරොන්දු දෙමින් සිටියත් ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය පිළිබඳ වචනයක් හෝ කතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්නා දුන්නේය.

................................................

ණය ප්‍රතිව්‍යුහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ණය හිමියාට හෝ ණය ගැතියාට නොවන අතර ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානය විසින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක ණය තිරසරභාවය ඇති කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලැස්ම තීරණය කරන්නේද IMF සංවිධානය බවද සඳහන් කළේය.

මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම්ලාභී රටවල් අතරින් එකක් බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.

................................................

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නේය.

.................................................

අද පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව, අද දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයේ අන්තර්ගතය පහත කියවන්න.👇



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery