රනිල් අතහැර පොහොට්ටු මන්ත්‍රීන් යළි නාමල්ට...

Report

ජනපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරු රැසක් නැවත පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීම සඳහා කැමැත්ත පළකර ඇතැයි එම පක්‍ෂ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

අද මුළු කොළඹම රතු පැහැ ගැන්වෙයි..හැමෝම මේ ගැන අවධානයෙන් ඉන්න.

අද මුළු කොළඹම රතු පැහැ ගැන්වෙයි..හැමෝම මේ ගැන අවධානයෙන් ඉන්න.


පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළද ගම් මට්ටමින් ජනතාව ඒ සඳහා වැඩි ප්‍රසාදයක් නොතිබීමත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවන නිසාත් මෙම තීරණය ගෙන ඇතැයි එම ප්‍රකාශකයා ප්‍රකාශ කරන ලදී.

එම හේතුව නිසාම පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීම සඳහා පැවැත්වූ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් සඳහා පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහභාගි වී නොමැති බවද ඉහත ප්‍රකාශකයා පැවසීය.

දෙවැනි මනාපයට සූදානම් වන්නැයි දැනුම්දීමක්..ඡන්දෙ දාන ඔබට වැදගත් පණිවුඩයක්.

දෙවැනි මනාපයට සූදානම් වන්නැයි දැනුම්දීමක්..ඡන්දෙ දාන ඔබට වැදගත් පණිවුඩයක්.


එම නිසා ඉදිරියේදී ජනපති අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා හමුවී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.