දෙවැනි මනාපයට සූදානම් වන්නැයි දැනුම්දීමක්..ඡන්දෙ දාන ඔබට වැදගත් පණිවුඩයක්.

Report

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී තිබෙනවා.

දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..


පළමු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා නිලධාරීන් සූදානම්කර තබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.

මේ අනුව, එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යොමුකර තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා නිලධාරීන් හතරක් හෝ පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සූදානම්කර තැබීමට තේරීම්භාර නිලධාරීන් කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.

ඔවුහු පවසන්නේ, බොහෝ ඡන්දදායකයන් ජනාධිපතිවරණයේදී මනාපය සලකුණු කිරීම සිදු කිරීමේ සම්භාවිතාව ඉතා අඩු බවත්, ඡන්දය පමණක් අපේක්ෂකයකුට ප්‍රකාශ කිරීමේ අවස්ථාව වැඩි බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙන්නේ, ජනාධිපතිවරණයේදී දින තුනක රාජකාරි කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් සහ නිලධාරීන් 15,000 ක් යොදවන ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටින්නේ, දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් අවසන් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමේ කාලය නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උදාවන බවය.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.


එමෙන්ම, සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් පළමු ප්‍රතිඵලයට අදාළ ගණන් කිරීමේ වාර්තා ලැබුණු පසුව, සියයට 50 ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂකයකු ලබාගෙන නොසිටියේ නම් යළි දෙවන මනාපය ගණන් කරන ලෙස ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට කොමිසමෙන් දැනුම්දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.