ජනපති රනිල් සිංගප්පුරු ජනපතිනිය හමුවෙයි.
දෙදින නිල සංචාරයකට අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනපතිනි හලීමා යාකොබ් හමු වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලී සියෙන්ලු, ආරක්ෂක අමාත්‍ය ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟද ජනපති ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් සිංගප්පුරු සංචාරය සඳහා එක්ව සිටිනවා.