අලුත් අවුරුද්දට පෙර කළයුතු දෙයක් ගැන ජනපතිගෙන් දැනුම්දීමක්..
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සඳහා රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල් එළඹෙන අලුත් අවුරුද්දට පෙර ගෙවා දමන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේ, සිය සංගමයේ නියෝජිතයින් ඉකුත්දා ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගැණුනු බවයි.
අමෙරිකානු ඩොලර් මිලියන 5,500ක් පමණ වන අතරමග නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කළහොත් විශාල පිරිසකට ඉන් සහනයක් සැලසෙන බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |