නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙන්න යයි!!..සවස 6.30ට වෙන දේ මෙන්න.

United National Party Gotabaya Rajapaksa Ranil Wickremesinghe
By Aruna May 12, 2022 07:42 AM GMT
Aruna

Aruna

Report

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත තිබෙනවා.

මේ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12) සවස 6.30ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා ඊයේ (11) සවස් කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගැඹුරු කතාබහක නිරත වී තිබෙනවා.

මෙම සාකච්ඡාව අතරතුර දී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ඉල්ලා තිබෙනවා.

මේ වනවිට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නව රජයක් පිහිටවීම සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තහවුරු කර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද සවස 6.30ට ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ඇති බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙවර අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙන්නේ, 7 වැනි වතාවටයි.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 25 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසටයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now