"..ජනතා හෘද සාක්ෂිය රනිල් රටෙි නායකයා විය යුතු බවයි.."! ප්‍රබලයෙකුගේ ආන්දෝලනාත්මක කතාවක්...

Report

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හෘද සාක්ෂිය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය, විද්වත් වෘත්තිකයන් මෙන්ම පහළම තලයේ ගැමියා දක්වා මෙය පිළිගන්නා නමුත් රටේ අවාසනාවකට ඔවුන් එය එලිපිට කීමට මැලිකමක් දක්වන්නේ යැයි ද නියෝජ්‍ය නායකයා කීවේය.

වත්මන් රජය වසර තුනකදී අත්තකර දුන් එකම ඉරණම වන්නේ ලෝක උද්ධමන දර්ශකයේ තුන්වන ස්ථානයට ලංකාව රැගෙන ඒම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ කොළඹ යුනියන් පෙදෙස පැවැති කාර්යාලයේදී විද්වත් වෘත්තිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

ඔවුන්ට වෘත්තීය වශයෙන් පවතින ගැටළු ගැන මෙන්ම රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරිණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now