ජනපති රනිල් එස්. ජයශංකර් මහතා හමුවේ...

Report

අද (10) නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට...

බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට...

එමෙන්ම එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ද ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇති අතර,ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන හා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බව ජයශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

ගිම්හාන කාලයේ දී සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව...

ගිම්හාන කාලයේ දී සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව...

මෙහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තන පනත මඟින් පළාත් සභාවලට හිමිවන බවයි.

මෙරට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙන්ම දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් තීරණයකට එළඹීම පිළිබඳවද අවධානය යොමුව තිබෙන බව සඳහන් වේ.