ගිම්හාන කාලයේ දී සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව...

By Parami Dissanayake Jun 10, 2024 01:26 PM GMT
Report

මෙම වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර තිබේ.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කළේ ය.

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇති බවත්, එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ය.

තවද, මීළඟ මාස කීපය තුළ දී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බව ද සංචාරකයන් මෙම ගිම්හාන සෘතුවේ දී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය බව ද එම සඟරාව වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.