මේ ප්‍රදේශවලට අදත් වැසි, 2න් පස්සේ තත්ත්වය දරුණුයි

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

තවද ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටියි.

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව