දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වන ලකුණු.

Sri Lanka Railways Department of Railways
By Wayomi Oct 13, 2022 11:31 AM GMT
Wayomi

Wayomi

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලන්නේ එය හැකි ඉක්මනින් නිරාකරණය කරන ලෙසයි.

එමෙන්ම ලබන සතිය වනවිට අලව්ව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර හිඟවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

"දුම්රිය ප්‍රවේශ පත්‍ර හිඟය තියෙනවා. දැන් අලව්ව දුම්රිය ස්ථානයේ ලබන සතියෙන් පස්සේ නිකුත් කිරීමට ප්‍රවේශපත්‍ර නැති තත්ත්වයකට දැඩි අර්බුදය පත්වෙලා. දුම්රිය ස්ථානාධිපතිවරයා දිගින් දිගටම ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කළත් අදාළ ප්‍රවේශපත්‍ර මේ වෙනකොටත් ලබාදීලා නැහැ. මේකට හේතුව වෙලා තියෙන්නේ මුද්‍රණය පිළිබඳව ඇති මන්දගාමී ස්වභාවය. ඉස්සර රජයේ මුද්‍රණාලය හරහා අපේ ප්‍රවේශපත්‍ර මුද්‍රණය කිරීම කළා. දැන් දෙපාර්තමේන්තුව මගින් පමණයි මුද්‍රණය කරන්නේ. නමුත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලාගෙන ඉන්නවා ඩිජිටල් තාක්ෂණයත් එක්ක නව ප්‍රවේශපත්‍ර ක්‍රමය එයි කියලා. ඔවුන් සිහින දකිනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට මේ ක්‍රමවේදය එනවා කියලා. නමුත් ඒක එනතුර පවතින ක්‍රමයෙන් යන්න ඔ්නේ. මෙකෙන් පීඩාවට පත්වෙන්නේ මගියා සහ දුම්රිය ස්ථානාධිපතිවරයා. මේවාට කඩිනමින් කටයුතු කරයි කියලා අපේ විශ්වාසය තියෙනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..

JOIN NOW