"පුතා ඉස්කෝලේ යන්න බෑ කියනවා.." රඹුක්කන සිදුවීමෙන් මියගිය ලක්ෂාන්ගේ බිරිඳ කළ සංවේදි හෙළිදරව්ව..
By Sithumi
පියා පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධියෙන් පසු සිය බාල දරුවා පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බව රඹුක්කන සිද්ධියෙන් මිය ගිය ලක්ෂාන්ගේ බිරිඳ පවසනවා.ඇය පෙන්වා දෙන්නේ තම සැමියා මත විවිධ වැරදි පැටවීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටින බවයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මාධ්‍ය වෙත මෙසේ අදහස් පළකර සිටියා, “ඒ වෙඩි තියපු අයට දඬුවම් දෙන්න ඕනේ. මං එතකං සටන් කරනවා. මම මේක අතහරින්නේ නෑ. මගේ මහත්තයාටත් චෝදනා කරලා තියෙනවා.. නඩු දෙකක් තියෙනවා කියලා. එකක් එයා ගුටිකාපු එකක්.
අනෙක් එක එයා නිකං සැකකරුවෙක් වෙච්ච එකක්. ඒක මෙතනට අදාළ කරගන්න ඕනේ නෑ නේ.” “මගේ පොඩි පුතා කියනවා.. ඉස්කෝලේ යන්න බෑ කියලා දැන්. දරු දෙන්නා තනිවෙලා..තාත්තෙක් නෑ. මට නැති වුණේ මගේ මහත්තයා. ඒකේ වේදනාව තියෙන්නේ මට. මට ඕනේ මේකට වගකිවයුතු අයව කොහොම හරි එල්ලුම්ගස් යවන්න.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |