නැවතත් මෙරට නිරෝධායන නීති සංශෝධනය කෙරේ..අලුත් එක මෙන්න.
Airport
Sri Lanka
Quarantine
Forieng
By Aruna
විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ, අද (19) සිට බලපැවැත්වෙන ලෙසයි.
නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙකුම ගුවන් තොටුපොළේදී PCR පරීක්ෂණයකට ලක්විය යුතු වනවා.
අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතුයි.
එහිදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ සඳහන්.
එමෙන්ම PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණය ලක්වී නොමැති නම් දින 14 ක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවද එහි දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |