ඔබත් ගුවන් සේවයට සම්බන්ධ වන්න කැමැත්තෙන් සිටි අයෙක් ද?. එහෙනම් මේ පණිවිඩය ඔබ වෙනුවෙන්මයි.
කටාර් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇත.
ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කිරීමට හැකි බව එම සමාගම සඳහන් කළේ ය.
ඒ සඳහා අවම වයස අවුරුදු 21 ක් විය යුතු අතර සුදුසුකම් අතර ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතු ය.
කෙසේවෙතත්, උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු වීම සහ නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතු වේ.