පිරමීඩ අධ්‍යක්ෂකගේ කෝටි 62කට අධික දේපොළට වලට ලැබුණු අධිකරණ නියෝගය.
නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් සම්බන්ධයෙන් ඊයේ (04) අධිකරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අදාල ඉඩම් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ට මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම නියෝගය නිකුත්කරනු ලැබුවේ මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරයාගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 62කට අධික වන අතර, ඒවා පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනාගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මේ අනුව ඔහුට මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් වශයෙන්, රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ඇති බවයි CIDය විසින් වාර්තා කර ඇත්තේ.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර එම පැමිණිලිවලට අනුව පැමිණිලිකරුවන් දෙදෙනකුගෙන් පමණක් රුපියල් කෝටි 5කට අධික මුදලක් මෙම ඡාවාරම්කරුවන් විසින් වංචා කර ඇත.
