නව වාර්තාවක් තැබූ පන්ජාබ් කිංග්ස්ලෙවන් කණ්ඩායම

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට පන්ජාබ් කිංග්ස්ලෙවන් කණ්ඩායම ඊයේ (15) රාත්‍රියේ සමත් විය.

එය, අයි පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් අඩුම ලකුණු ප්‍රමාණයක් රැස්කර එය ආරක්ෂා කරමින් තරඟයක් ජයගත් පළමු අවස්ථාව ලෙස සටහන් විය.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

මෙම තරඟය පන්ජාබ් කිංග්ස්ලෙවන් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 111කට සියලු දෙනා දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ලකුණු 95කට සීමා කිරීමට පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ. මීට පෙර අඩුම ලකුණු ප්‍රමාණයක් රැස්කර එය ආරක්ෂා කරමින් තරඟයක් ජයගත් වාර්තාව 2009දී පිහිටුවා තිබුණි.

ජනතාවට විශේෂ දැනුම්දීමක් - අකුණුවලින් ප්‍රවේශම් වෙන්න!

ජනතාවට විශේෂ දැනුම්දීමක් - අකුණුවලින් ප්‍රවේශම් වෙන්න!

එහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 116ක් රැස්කර එය ආරක්ෂා කරමින් ජය ලබා තිබුණි.