බඳින්න කළින් සෙක්ස් කරාට මහ සෙනඟක් මැද ලැබුණු දඬුවම
ඉන්දුනීසියාවේ අධිකරණයක් මඟින් කාන්තාවකට සහ පිරිමි පුද්ගලයකුට වේවැල් පහර 100 බැගින් වූ දඬුවමක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙසේ දඬුවම් කර ඇත්තේ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම පිළිබඳව වරදකරුවන් වූ දෙදෙනෙකුටයි.
ඔවුන් ඉන්දුනීසියාවේ අවේ පළාතේ අවිවාහක යුවළක් බව සඳහන්.
ඉන්දුනීසියාව යනු දැඩි ලෙස ඉස්ලාමීය නීතිය යටතේ ක්‍රියාත්මක වන රටක්.
ඉස්ලාමීය නීති සංග්‍රහය වන ෂරියා නීතිය යටතේ අවිවාහකයින් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම් බැවින් එය අවේහි ද තහනම් කර ඇත.
2022 වසරේදී ඉන්දුනීසියාව එහි අලුත්ම අපරාධ සංග්‍රහයේ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කර ඇතත් එම නීතිය 2026 වන තෙක් බලාත්මක කොට නොමැති බව සඳහන්.
එසේ වුවත් ආවේහි උද්‍යානයක කුඩා පිරිසක් බලා සිටියදීම මෙම යුවළට වේවැල් පහර ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ කාන්තාවට පහර දී ඇත්තේ තවත් කාන්තාවක්ම බව සඳහන්.
