'අමුක ඩුමුක' නටපු රුකා මැරිල...ද? හෙළිදරව්වක් [PHOTO]
සමාජ මාධ්‍යයේ කාලයක් දැඩි ලෙස 'අමුක ඩුමුක' ගීතයේ නර්තන රටාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ තරුණයෙක් වූ රුක්ෂාන් සෙනුර කළුතර ප්‍රදේශයේදී ඝාතනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වේ.
අඳාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව FactcrescendoSL කළ විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.
මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, හිතවතුන් ඇතුළු රසිකයන්ටද ද මානසික පීඩාවක් ගෙන දී ඇති බව සඳහන්.
ඒ අනුව පසුගිය දිනවල TikTok සමාජ මාධ්‍ය ඔස්සේ "රුකා මල්ලිගේ සිරුර මැටි වලකින් හම්බෙයි" යන සිරස්තලය යටතේ වීඩියෝවක් මෙසේ සංසරණය වී ඇත.
අඳාළ වීඩියෝව සකසා ඇත්තේ හිරු නාලිකාවේ පුවත් විකාශයක කොටසක් ලෙස පෙන්වමින්.
එහි පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර මෘත දේහය මැටි වලකට දමා ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමක් ආශ්‍රිත ගැටළුවක් නිසා මෙම ඝාතනය සිදු කර ඇති බවත් දැක්වෙන දර්ශන ඇතුළත් විය.
ඒ අනුව එහි ඝාතනයට ලක් වූ බව කියන පුද්ගලයාගේ දර්ශන අතරට ඒ රුක්ෂාන් බව දැනවීමට ඔහුගේ ඡායාරූපයක් එක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ අඳාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.



