පූජිත් සහ හේමසිරි වැලිකඩ ගත කරන ජීවිතය මෙන්න
මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටියි ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව එහි ලියාපදිංචි කර මරණ දඩුවමට නියම වූ තැනැත්තන්ට හිමි වන සුදු සරම සහ කබායද ඔවුන් දෙදෙනා වෙත ලබාදුන් වගත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කර ඇත
ඉන් අනතුරුව ඔවුන් වාට්ටුවක රදවා තබනු ලබයි එමෙන්ම ඔවුන් දෙදෙනාටද පිගානක් සහ කෝප්පයක්ද ලබාදුන් බවත් මරණ දඩුවම නියම වූ තැනැත්තන්ට හිමිවන සෙසු වරප්‍රසාද ඔවුන් දෙදෙනාට ද හිමි වන බවත් සදහන්ය .
ඒ අනුව ව්‍යායාම් කිරීම සදහා උදෑසන කාලයේ මිනිත්තු 30 ක කාලයක් වාට්ටුවෙන් පිටත රැදී සිටිනම අවස්ථාව පවතී තවද ස්නානය සහ දහවල් ආහාර වේල ලබා ගැනීමට ඔවුන් දෙදෙනාටද අවස්ථාව හිමි වන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කර තිබේ .
ඉන් අනතුරුව වාට්ටුවේ රදවනු ලබන ඔවුන් යළි පිටතට ගනු ලබන්නේ පස්වරු 4ට පමණයි. ඒ රාත්‍රී ආහාර වේල ලබාගැනීමටයි. යළි වාට්ටුවේ රදවනු ලබන ඔවුන් පිටතට ගනු ලබන්නේ පසු දින උදෑසන කාලයේදි බවත් සදහන් වේ.
මේ අතර පූජිත් ජයසුන්දර මහතාගේ සහ හේමසිරි ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන්ට සතියකට වරක් බන්ධනාගාරයට පැමිණ ඔවුන් බැලීමට අවස්ථාව හිමිවනු ලබයි