අපි විවාහ වෙලා අවුරුදු 5යි, නමුත් පුබුදු එක්ක ගෙවන තත්පරයත් මට මුළු ලෝකයක් වගේ-මාෂි සිරිවර්ධන

Gossip Today SL Actress Gossips
By Sithumi Dec 05, 2022 02:10 PM GMT
Sithumi

Sithumi

Report

රිදී තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඔහු රංගනයට පිවිසියේ ‘හිරිපොද වැස්ස’ සිනමා නිර්මාණය හරහායි. 

ඒත් එක්කම රංගන කෞශල්‍යයට අමතරව ඔහු නර්තන හැකියාවෙන්, අධ්‍යක්ෂණයෙන්, තිර පිටපත් රචනයෙන් ඔහු සිය කුසලතාවන් හරි අපූරුවට විදහා පානවා. ඒ වගේම ඔහු මේ වන විට ආදරණීය සැමියෙක්. ඉතින් ඔහු විවාහ වෙලා ඉන්නේ සුරූපී සුන්දර තරුණියක් වගේම රංගන ශිල්පිනියක් ද වන මාෂි සිරිවර්ධන සමඟයි. 

ඉතින් මාෂි කියන විදිහට ඇය පුබුදු කියන නළුවාට නෙමෙයි එයාගේ අපූරුම ගතිගුණවලටලු ආකර්ෂණය වුණේ. ඒ වගේම රංගන කාර්යයේදී ඔහු මොනතරම් චරිත රඟපෑවත් සැබෑ ජීවිතයේ දී ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් කියලයි ඇය කියන්නේ. ඔහු හරිම ආදරණීයයි වගේම පවුලට හරිම ළෙන්ගතුයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ගෙදර වැඩවලදීත් ඔහුගෙන් ඇයට පුදුම සහයෝගයක්ලු ලැබෙන්නෙ. ඉතින් ඔවුන් දෙන්නම එකතු වෙලා තමයි හැමදේම කරගන්නෙ. ඉතින් හදිස්සියේ හරි මාෂි ගෙදර නැති වුණොත් පුබුදු ඇයව පුදුම කරන්න එක එක විදිහට කෑම වර්ග හදනවා කියලයි ඇය කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒවා හරිම ලස්සනට පිළිගන්වනවා කියලත් ඇය කියනවා. ඒ වගේම නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරන්න මේ දෙන්නම හරිම කැමැතියි. ඒ වගේම මේ දෙන්නා හරියට පොත් කියනවා.

ඉතින් පුබුදු කියන්නෙ නිතරම එයාගේ දැනුම අලුත් කරගන්න කැමැති කෙනෙක් කියලයි මාෂි කියන්නේ. ඉතින් ෆෝන් එකේ හිටියත් යූ ටියුබ් එක, අන්තර්ජාලය හරහා දැනුමට යමක් එකතු කරගන්නලු ඔහු කැමැති. ඒ වගේම ඇය නම් ඉස්සර පොතපත කියවන්න එතරම් උනන්දු නැති වුනත් පුබුදු නිසා ඇයත් ඒකට හුරුවුණා කියලයි මාෂි කියන්නේ. ඒ වගේම දැන් මනස සැහැල්ලු කරගන්න මේ දෙන්නම පොත් කියවනවා.

ඉතින් ඒ වගේම පුබුදු එක්ක ගත කරන හැම තත්ත්පරයක්ම ඇයට නම් මුළු ලෝකයක් වගේ කියලත් මාෂි කියනවා. ඇයගේ මුළු ජීවිතේම ඔහුලු. ඒ වගේම ඔවුන් විවාහ වෙලා අවුරුදු පහක් ගත වුණා කියලා දැනුනෙවත් නෑ කියලයි ඇය කියන්නේ. දවසින් දවස මේ ආදරය අලුත් වෙනවාලු. ඒ වගේම ඇයගේ ජීවිත අවබෝධයට වඩා පුබුදුගේ ජීවිත අවබෝධය හරිම වැඩියි කියලත් ඇය කියනවා. ඉතින් ආදරය, රැකවරණය, ආරක්ෂාව මේ හැමදේම උපරිමයෙන් ඇයට හිමි වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery