රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.

By Wayomi Feb 06, 2025 04:54 AM GMT
Report

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද ආඥාපනත් සහ 1950 සිට 1970 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති පනත් හා රෙගුලාසි මත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වේ.

ඒ, අනුව රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එකී කාල සීමාවේදී රට තුළ ප්‍රවාහන හා සන්නිවේදන ක් ක්ෂේත්‍රයන් එතරම් දියුණු මට්ටමක නොපැවති අතර, සකස් කරනු ලැබ ඇති ඇතැම් නීති රීති හා රෙගුලාසි වර්තමාන තත්ත්වයන් හා නොගැළපෙන බැවින් සේවාදායකයින් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපැයීමට එමඟින් බාධා පැමිණෙන බව පෙනී ගොස් ඇත.

ඒ, හේතුවෙන් වත්මන් රාජ්‍ය සේවා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සහ මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි දැනට බලාත්මක නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි පවතින බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතුව තිබෙනවා.

ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන දැනට පවතින නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)