වහා, රාජ්‍ය සේවකයින්ට ඇමතිගෙන් සුනාමි අනතුරු ඇඟවීමක්.. වැඩේ ලේසී නෑ.. කරන්න යන දෙය මෙන්න..
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මින් ඉදිරියට රට තුළ සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන්ම රාජ්‍ය සේවයට බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී ය.
ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..
මෙරට ජනතාව විසින් අදූරදර්ශී දේශපාලනය ඉවත් කරලීමට අවශ්‍ය කරන දේශපාලනික සුනාමි මැතිවරණය මගින් ලබා දුන් බව ඔහු පැවසීය.
එමෙන්ම, රාජ්‍ය සේවයේ පවතින දෝෂ හේතුවෙන් ඉදිරියේ දී රාජ්‍යය සේවයට එරෙහිව සුනාමියක් ඒමේ ප්‍රවණතාව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී මතක් කර සිටියේ ය.
එබැවින්, ජනතා අපේක්ෂාවන් සාර්ථක ව කඩිනමින් අවසන් කරදිය හැකි රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවින් එය ඉටු කිරීමට කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින්ට රජයේ ගෞරවය සහ සහාය හිමිවන බව හෙතෙම පැවසුවේ ය.
එසේ නොමැති වුවහොත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඡන්දය දුන්නා යැයි නොසලකා ම රාජ්‍ය සේවය අවශ්‍ය පරිදි සේවා සැපයිය හැකි ස්ථානයක් කරලීමට අවශ්‍ය ඕනෑම උත්සාහයක් ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ ය.
You May Like This Video👇
.